නිදහස් පක්ෂයට ඇතුළුවීම පොලිසියෙන් අවහිර කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත ලිපියක් යවා තිබුණා.

පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය විධි විධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් පවසා ඇත්තේ අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් මෙම පියවර ගන්නා බවයි.

අදාළ රැස්වීම ලබන සඳුදා (08) වැනිදා පෙරවරු 10ට කැදවන ලෙස ද ඔහු එහි සදහන් කර තිබෙනවා.

එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් කැඳවන ලෙසද එම ලිපියේ සඳහන්.

කෙසේ වෙතත් පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් එයට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්වීමට නොහැකි බවත් නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දුෂ්මන්ත මිත්‍රපාල පිළිතුරු ලිපියක් මගින් අමාත්‍ය නිමල් සිරිපාලට පවසා තිබෙනවා.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති ⁣හෙයින් එම නියෝගයට ඇතුළත් කරුණු නොදැන මෙම අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නොමැති බවද වැඩබලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (06) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව වාර්තාවනවා.

ඒ, පක්ෂයේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

කෙසේ වෙතත් අප වාර්තාකරු සදහන් කළේ මේ වන විට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම පොලිසිය විසින් තහනම් කර ඇති බවයි.

ඒ පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා විසින් ලිඛිතව මරදාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43