නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී හෙට පැවැත්වෙනවා. ඒ සඳහා වන අවසන් පෙර පුහුණුවීම් අද පැවැත්වුණා.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් හෙට දිනයේ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.