AFC Banner
Empty Ad
Empty Ad

නැතිවූ වසර 02ක නැවත ජනපතිට දෙන්න – ඩයනා ගමගේ ඉල්ලයි

කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළා. මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින්ය.

කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවද ඇය සඳහන් කර සිටියා.

“අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” යැයිද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළා.

කොවිඩ් අර්බුදය නිසා මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත් එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළා. ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?