නාවින්නේ වෙඩික්කරු කොට්ටාවෙන් අල්ලයි

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී පසුගිය 06 වනදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (29) රාත්‍රියේ කොට්ටාව නගරයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 39ක කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සැකකරුගේ නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ පතරොම් 03ක් සොයා ගැනීමයි හැකිව ඇත්තේ.

පසුගිය 06 වනදා රාත්‍රියේ මහරගම, නාවින්න ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙක්ට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණා.

එහිදී එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?