නාවින්නේ වෙඩික්කරු කොට්ටාවෙන් අල්ලයි

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී පසුගිය 06 වනදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (29) රාත්‍රියේ කොට්ටාව නගරයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 39ක කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සැකකරුගේ නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ පතරොම් 03ක් සොයා ගැනීමයි හැකිව ඇත්තේ.

පසුගිය 06 වනදා රාත්‍රියේ මහරගම, නාවින්න ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙක්ට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණා.

එහිදී එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56