අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ උලපනේ, ගඩොල්බෝක්කුව ප්‍රදේශයෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරුණා.
ඒ, දින 18කට පසුවයි.
නයායෑම හේතුවෙන් මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කර මාර්ගය සකස්කර ඇති අතර, මාර්ගයට ඉහළ පස්කන්ද නායයාමේ අවදානමක් තවමත් පවතිනවා.
කෙසේ වෙතත් ඒ සඳහා ස්ථිර විසදුම් ලබාදෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය සකස්කර ඇති බව වාර්තා වුණේ.
මෙම ස්ථානයේ කටයුතු අවසන් වන තෙක් සුපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර නාවලපිටිය – හරංගල හරහා කොත්මලේ ජලාශ වේල්ල මතින් මහනුවර දක්වා පසුගිය දින කිහිපය තුළ වාහන ධාවනයට ලබා දුන් අවසරය (15) දින සිට සීමාවන්ට යටත්ව වාහන ධාවනයට අවසර ලබාදෙන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්න සඳහන් කළා.
නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ග, උලපනේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයෙන් නායයෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටීමත් සමඟ සැහැල්ලු වාහනවලට පමණක් ජලාශයේ වේල්ල මතින් ගමන් කිරීමට අවසර ලබා දී තිබුණා.
නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය අද (15) දින සිට යළිත් රථවාහන ධාවනයට මාර්ගය විවෘත කිරිමත් සමඟ මෙම තීරණය ගත් බවයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළා.





