නාවලපිටිය – මහනුවර මාර්ගය ගමනා ගමනයට අද සිට යළි විවෘතයි

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ උලපනේ, ගඩොල්බෝක්කුව ප්‍රදේශයෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරුණා.

ඒ, දින 18කට පසුවයි.

නයායෑම හේතුවෙන් මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කර මාර්ගය සකස්කර ඇති අතර, මාර්ගයට ඉහළ පස්කන්ද නායයාමේ අවදානමක් තවමත් පවතිනවා.

කෙසේ වෙතත් ඒ සඳහා ස්ථිර විසදුම් ලබාදෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය සකස්කර ඇති බව වාර්තා වුණේ.

මෙම ස්ථානයේ කටයුතු අවසන් වන තෙක් සුපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර නාවලපිටිය – හරංගල හරහා කොත්මලේ ජලාශ වේල්ල මතින් මහනුවර දක්වා පසුගිය දින කිහිපය තුළ වාහන ධාවනයට ලබා දුන් අවසරය (15) දින සිට සීමාවන්ට යටත්ව වාහන ධාවනයට අවසර ලබාදෙන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්න සඳහන් කළා.

නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ග, උලපනේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයෙන් නායයෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටීමත් සමඟ සැහැල්ලු වාහනවලට පමණක් ජලාශයේ වේල්ල මතින් ගමන් කිරීමට අවසර ලබා දී තිබුණා.

නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය අද (15) දින සිට යළිත් රථවාහන ධාවනයට මාර්ගය විවෘත කිරිමත් සමඟ මෙම තීරණය ගත් බවයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08