AFC Banner
AFC Banner
Empty Ad

නාරාහේන්පිට පැල්පත් නිවාස හුටපටයට උලපනේ හිමි ඇතුළු පිරිසකට නඩු වැටෙන ලකුණු

අධිකරණ නියෝගයක් මත නාරාහේන්පිට ප්‍රදේශයේ පැල්පත් නිවාස කිහිපයක් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට බාධා කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ගුරු – විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි හා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළා.

නාරාහෙන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ නීතිවිරෝධීව ඉදිකර ඇති පැල්පත් කිහිපයක් අධිකරණයේ නියෝග මත ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට එසේ බාධා පැමිණවීම, විරෝධය පෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නාරාහේන්පිට පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා මේ වන විට ඇප මත මුදාහැර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?