නාය යෑම් ගැන සැලකිලිමත් වෙන්න – දිස්ත්‍රික්ක 08කට තවදුරටත් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාපතනයත් සමඟ කඳු ආශ්‍රිතව ජීවත්වෙන ජනතාව නාය යෑම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

ඒ, අනුව ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ සහ අවට යම් ආකාරයක භූමියේ පැල්මක්, වතුර ගැලීමක්, ගස් උදුරාවැටීමක් නිරීක්ෂණය වුවහොත් වහාම ග්‍රාම නිලධාරිවරයා, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, හෝ ප්‍රාදේශීය ලේකම් දැනුවත් කරන ලෙසයි එම සංවිධානය පවසන්නේ.

එමෙන්ම මාර්ග ආශ්‍රිතව පළල් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ස්ථානවලින් ගමන් කිරීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ද ඉල්ලා සිටිනවා.

මේ අතර නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර,

“පසුගිය දින කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, හපුතලේ, ඇල්ල බදුල්ල, හාලිඇල යන ප්‍රදේශය ලේකම් කොට්ඨාස වලටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත යන ප්‍රාදේශීලිකම් කොට්ඨාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, වරකාපොළ,ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල,සහ කෑගල්ල යන ප්‍රාදේශීලිකම් කොට්ඨාසවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතකම යන ප්‍රාදේශීය කොට්ඨාසයටත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රාදේශීයලේකම් කොට්ඨාසවලට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ, ඉබුල්පේ, කලවාන, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය ක්‍රියාත්මකයි. මෙම නිවේදනය අද (18) පස්වරු හතර දක්වා ක්‍රියාත්මකයි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?