නායයාමකින් 21ක් මරුට

නිවාඩු කඳවුරක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ නායයාම සිදුව ඇති අතර මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු සිටි. එකිනෙකා බදාගෙන සිටින මළ සිරුරු දෙකක් හමු වී ඇති අතර ඔවුන් මව සහ දියණිය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම අතුරුදන්වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා 400ක කණ්ඩායමක් යොදවා ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.අනතුර සිදුවන අවස්ථාවේ කඳවුර තුළ ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 51 දෙනෙකු සිටි බවද එම වාර්තා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?