AFC Banner
AFC Banner
Empty Ad

නායකයා විමල් – නව දේශපාලන සන්ධානයක් 04 වනදා එළිදකී

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානයක් ලබන මස 04 වනදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසනවා.

එලෙස පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයේ නම ද, එදින ප්‍රකාශයට පත්කරන බවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ.

මෙම නව සන්ධානය සම්බන්ධයෙන් වූ සාකච්ඡා වට කිහිපයක් ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල පවය්ජ් වුණා.

ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී මෙම නව දේශපාලන සන්ධානය එළිදැක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?