AFC Banner
AFC Banner
Empty Ad

නායකත්වය ගැන තීරණයක් ගන්න – බංග්ලාදේශ ටෙස්ට් නායකයාට දැනුම්දීමක්

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මොමිනුල් හක්ට නායකයෙකු ලෙස සිය අනාගතය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මොමිනුල්ට මේ බව දන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

පිතිකරුවෙකු ලෙස ද ඔහුගෙන් කණ්ඩායමට ඉටුවිය යුතු වගකීම නිසි ආකාරයෙන් ඉටු නොවීම ද ගැටළු සහගත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

මොමිනුල් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්ව ක්‍රීඩා කර ඇති තරග 17ක් තුළ ඔහු විසින් රැස්කරගෙන ඇත්තේ ලකුණු 912ක් පමණයි.

ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 17න් ජයගෙන ඇත්තේ තරග 03ක් වන අතර දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඉතිරි තරග 12ම පරාජයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?