spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාමල් රාජපක්ශට එරෙහි පැමීණිල්ලට දින නියම වේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් ආයතන උපයාගත් මිලියන 15ක මුදලක් එක්.ආර් කන්සල්ටන්ස් නමැති සමාගමෙහී ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ශ මහතා ඇතුලු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිවගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 8වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කොට ඇත.

එම පැමිණීල්ල අද (4) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉඳිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ එම සීද්ධියට අදාළ විමර්ශණ අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවය.

එම පැමිණිල්ලට අදාළව ගත යුතු ඉදිරි පියවර පිළිබදව නීතිපති උපදෙස් අපේක්ශාවෙන් සිටින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාළ පැමිණීල්ල දෙසැම්බර් මස 8 වන දා යලි කැඳවන ලෙස අධිකරණය නියම කරේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?