AFC Banner
AFC Banner
Empty Ad

UPDATE : නාමල් කුමාර අත්අඩංගුවට – ජනවාරි 15 තෙක් සිපිරිගෙටත් නියම වෙයි

අද (01) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළඹෙන 15 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද සැකකරුව කොළඹ -කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම නියෝගය හිමිවූයේ.

——————————————————-

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ දී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර නමැත්තා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටු කරන ලෙස කතෝලික සභාව ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණා.

මෙම සිදුවීමට සම්බන්ධවයි නාමල් කුමාර මහතා ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
52
+1
1
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?