නාමල් අධිකරණයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (25) අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ රු මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ පැමිණිල්ලකට අදාලවයි.

එම පැමිණිල්ල අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස නියම කළේය. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කිරීමත් සමගයි.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි නාමල් රාජපක්ෂට චෝදනා එල්ලවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?