නාමයෝජනා භාරගැනීම 11 වැනිදා 11ට අවසන් – විරෝධතා ගොනු කිරීම ගැනත් දැනුම්දීමක් (වීඩියෝ)

නාමයෝජනා එළඹෙන 11 වැනිදා පෙරවරු 11ට භාර ගැනීම අවසන් වූ පසුව කිසිදු ලෙසකින් ප්‍රචාරණ වැඩසටහන්, පෙළපාලි පැවැත්වීම සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.

සභාපතිවරයා අද (08) මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ; ඔක්තෝබර් 11 වැනිදා නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසු එදිනම දහවල් 12 සිට 1.30 තෙක් නාමයෝජනාවලට අදාළ විරෝධතා භාරගැනීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

ඉන් පසුව නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති මහ මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාවත් මැතිවරණ කොට්ඨාස 22ක දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 203ක් සිය ඇප මුදල් තැන්පත් කර අවසන් බව ද වාර්තා වනවා.

දේශපාලන පක්ෂ 09 ක්, ස්වාධීන කණ්ඩායම් 09ක් ලෙස සමස්ත පාර්ශ්ව 18ක් නාමයෝජනා පත්‍ර භාර දී අවසන් බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.

මේ අතර නාමයෝජනා භාරගැනීමෙන් පසුව දැඩි ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නීතිරීති, උපමාන මේ වනවිටත් ක්‍රියාත්මක බවත්; කිසිදු ලෙසක පත්වීම් ලබාදීම්, ස්ථාන මාරු කිරීම් කළ නොහැකි බවත් යම් අත්‍යවශ්‍යතාවක් නම් ඒ බව කොමිෂන් සභාව වෙත දැනුම්දී පූර්ව අවසරය ලබා ගැනීම කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21