නාඳුනන මෘත ශරීරයක් වළකින් හමුවෙයි

ඊයේ (01) සවස් කාලයේ බලන්ගොඩ පොලිස් වසමේ රාස්සගල ප්‍රදේශයේ ගොරක්ගහ ඇල්ල අසල වළක මියගිය නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවත් එය හඳුනාගත නොහැකි අයුරින් නරක් වී ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?