නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

මෙක්සිකෝවේදී තවත් මාධ්‍යවේදියෙකුව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට මාධ්‍ය අනාවරණය කළේ සතියකට අඩු කාලයක් තුළ තවත් මාධ්‍යවේදියෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

අදාළ මාධ්‍යවේදියා සිය නිවස අසල මෝටර් රථයක සිටි අවස්ථාවේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඔහුට වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඔහු ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස සේවය කළ අතර මීට දින කිහිපයකට පෙරද මෙක්සිකෝවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් ලෙස කටයුතු කරමින් සිටි මාධ්‍යවේදියෙක් කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?