නාන කාමරයෙන් මතු වු කොවිඩ් එන්නත්

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් ගම්පහ වතුපිටිවල රෝහලේ අද (09) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

එය තවත් උණුසුම් වූයේ රෝහලේ නාන කාමරයකින් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් හමුවීමත් සමගින්ය.

වතුපිටිවල රෝහලේ සේවය කරන විවිධ ශ්‍රේණිවලට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයින් ට සහ ඔවුන්ගේ ඥාතීන්ට කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට අද සැලසුම් කර තිබිය දී ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එම එන්නත් තොග වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

දෙවන මාත්‍රාව ලබාගැනීමට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින්ට මේ නිසා ආපසු හැරීයාමට සිදුවිය.

“උදේ 7ට විතර ආපු ගමන් තාමත් නෑ ඉතින්. විදින්නේ නෑ කියනවා.“

එම සිද්ධියට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළේය.

“අපේ ළඟම ඥාතීන් ඔක්කෝම ටික මේ වන විට පොදු ප්‍රවාහනයක් නොමැති කාලයක තමන්ගේ පෞද්ගලික වියදම් දරාගෙන අපේ රෝහලට ගෙන්නුවා. ගෙන්වලා පැයක් ඇතුළත කියනවා අද විඳින්න විදියක් නෑ ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ අනුමැතිය ඕනේ කියලා. ඒ නිසා අපි සියලුම ක්ෂේත්‍ර එකතුවෙලා තමන්ගේ රාජකාරීවලින් ඉවත් වෙනවා.“

මේ අතර භාවිතයට ගන්නා ලද කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා අඩංගු කුප්පි 200කට ආසන්න ප්‍රමාණයක් වතුපිටිවල රෝහලේ නාන කාමරයක තිබී සොයාගත් බව එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් අනාවරණය කළේය.

මේ පිළිබඳව අපි වතුපිටිවල රෝහලෙන් විමසීමක් කළේය.

ඒවා පළමු එන්නත් මාත්‍රාව ලබාදීමේ දී එක් කුප්පියකින් 10දෙනෙකුට ලබාදුන් පසුව ඉතිරි වු කොටස් බවත් තවත් සම්පුර්ණ එන්නත් කුප්පි දෙකක් ප්‍රවාහනයේ දී නියමිත තාක්ෂණික කාරණා සම්පුර්ණ නොවීම හේතුවෙන් ඉතිරි වු ඒවා බවත් එම රෝහලේ ප්‍රකාශකයා පැවසීය.

පසුගිය මාර්තු මස පළමු මාත්‍රාව ලබාදීමෙන් පසු ඉතිරි වු මෙම එන්නත් කුප්පි විනාශ කිරීම සඳහා ගබඩා කර තිබු ඒවා බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54