නානුඔය අනතුරින් මිය ගිය වෑන් රථයේ රියදුරු ‘දිනේෂ්’ අවසන් ගමන් යයි (ඡායාරූප)

පසුගිය දා නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත් වූ හත්දෙනාගෙන් තවත් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරුණා.

මෙලෙස අද අවසන් කටයුතු සිදුකෙරුනේ අනතුරට ලක් වූ වෑන් රථයේ රියදුරුගේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

28 හැවිරිදි ආර්.එන්.පි. දිනේෂ් නැමැති මෙම තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුනේ හැටන් – කුඩාගම පොදු සුසාන භුමියේදීයි.

පසුගිය 20 වනදා පස්වරුවේ අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරට එම අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ද මැදිව තිබුණා.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් එකම පවුලේ පස්දෙනෙක්, වෑන් රථයේ රියදුරු සහ අනතුරට මැදි වූ ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු ඊයේ (22) අලුයම සිදුකළ අතර, මියගිය ත්‍රිරෝද රථයේ රියදුරුගේ අවසන් කටයුතු ද ඊයේ (22) ඔහු ජීවත්ව සිටි නානුඔය ප්‍රදේශයේ දී සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?