නානුඔය අනතුරින් මිය ගිය වෑන් රථයේ රියදුරු ‘දිනේෂ්’ අවසන් ගමන් යයි (ඡායාරූප)

පසුගිය දා නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත් වූ හත්දෙනාගෙන් තවත් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරුණා.

මෙලෙස අද අවසන් කටයුතු සිදුකෙරුනේ අනතුරට ලක් වූ වෑන් රථයේ රියදුරුගේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

28 හැවිරිදි ආර්.එන්.පි. දිනේෂ් නැමැති මෙම තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුනේ හැටන් – කුඩාගම පොදු සුසාන භුමියේදීයි.

පසුගිය 20 වනදා පස්වරුවේ අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරට එම අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ද මැදිව තිබුණා.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් එකම පවුලේ පස්දෙනෙක්, වෑන් රථයේ රියදුරු සහ අනතුරට මැදි වූ ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු ඊයේ (22) අලුයම සිදුකළ අතර, මියගිය ත්‍රිරෝද රථයේ රියදුරුගේ අවසන් කටයුතු ද ඊයේ (22) ඔහු ජීවත්ව සිටි නානුඔය ප්‍රදේශයේ දී සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22