AFC Banner
AFC Banner
Empty Ad

නාන්න ගිය බිරිඳව සැමියා ඝාතනය කරලා

ලුණුගල පොලිස් වසමේ ජනතාපුර ප්‍රදේශයේ පිහිටි කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් ඊයේ (19) දහවල් ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුගල, ජනතාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

කාන්තාවගේ සැමියා විසින් පැවති පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර සැමියාට එරෙහිව බිරිඳ විසින් ආරක්ෂණ නියෝගයක් ද ලබාගෙන තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය බදුල්ල මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා.

පළාගිය සැකකාර සැමියා සොයා ලුණුගල පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
6
+1
2
+1
23
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?