ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා වයස අවුරුදු 22 සහ 28 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සේදවත්තේ කසුන්ගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1