නාකි එළදෙනුන් රට පැටවේ

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසයි. ලේකම්වරයා සඳහන් කරන්නේ මේ පිළිබඳ නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

2020 සැප්තැම්බර් මාසයේදී මෙරට ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මහාචාර්ය ගුණවර්ධන පෙන්වා දෙන්නේ මස් සඳහා ගවයන් ඝාතනය කිරීම මෙම නව නීතිය ඔස්සේ තහනම් කෙරෙන නමුත්, හරක් මස් ආනයනය කිරීමට ඉඩ සලසා දෙන බවයි. ගව ඝාතනය මෙරට තහනම් කිරීමට යෝජනා වී ඇත්තේ කිරි ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා බවද ගවයන් සහ පැටවුන් ඝාතනය කිරීම ඔස්සේ කිරි ගොවීන්ට ආර්ථික අලාභයක් සිදුකෙරෙන බවද මහාචාර්ය ගුණවර්ධන සඳහන් කරයි.

වයස්ගත එළදෙනුන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා එම ගවයන් විදේශගත කිරීමට සැලසුම් කර ඇතැයිද රජයේ මෙම තීරණයෙන් පීඩාවට පත්වන පුද්ගලයන් ආරක්ෂා කිරීමට ක්ෂණික යාන්ත්‍රණයක් නොමැති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නයන තරංග ගමගේ

  1. මෙහෙ හරක් මරන්නේ නැහැ, නමුත් මෙහෙ උන් පිටරට ඇරලා මරලා මස් ලංකාවට ගේනවා. අනේ කාටද මේවා කියන්නේ. මුන් මේ දේශපාලක හැත්ත ඔක්කොගේම තියෙන්නේ බොරුවයි වංචාවයි විතරයි. මොන මගුලටට නාකි හරක් රට පටවන්නේ , හුරතෙලට හදන්නද? ක්ෂේම තන භුමි හදලා උන්ව ඒවාට නිදහස් කරලා දාල උන්ගේ අවසන් කාලේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව රට ඇරලා මස් ගෙන්න ප්ලෑන් එක. යකෝ මේක බෞද්ධ රටක්ද? මෙහෙ හරක් මරණ උන් එහෙ ගිහිල්ල ඝාතකාගාර දාල මෙහෙත මස් ගෙනෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43