නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සකස් කළ නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති අතර එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව රටේ දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක් වූ බව කිව යුතුයි. පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වාර්තාව සහ නව විදුලිබල පනතට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව යෝජිත නව විදුලිබල පනත එළැඹෙන සති දෙක ඇතුළත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.

නව පනතට අදාළව යෝජනා කර තිබෙන විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ව්‍යුහයන් සම්බන්ධව ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදී වැරදි මත පළ කළා. විදුලි ජනනය කිරීම සම්බන්ධව සමාගම් 4ක් බවට පරිවර්තනය කිරීමට රජය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ජල විදුලිය ආශ්‍රිත මෙහෙයුම් කටයුතු 100%ක්ම රජය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබෙනවා. මහවැලි, ලක්ෂපාන, සමනලවැව ආශ්‍රිත බලාගාරත් රජය යටතේ පවත්වාගෙන යෑමටත් කටයුතු කරනවා. නොරොච්චෝලේ බලාගාරය එක් සමාගමක් ලෙසටත්, අනෙකුත් බලාගාර සියල්ලත් එක සමාගමක් යටතේත් පවත්වාගෙන යෑමට නව පනත මඟින් යෝජනා කර තිබෙනවා.

විදුලිය සම්ප්‍රේෂණ කටයුතු වෙනම සමාගමක් ලෙසටත්, ප්‍රධාන පාලක පද්ධතිය 100%ක්ම රජය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබෙනවා. බෙදාහැරීමේ කලාප 4 සමාගම් 4ක් බවට පරිවර්තනය කරමින් කාර්යක්ෂමව පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය වැඩි කිරීමට මෙන්ම නාස්තිය අවම කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල පවතින නීති අණපනත් කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙනවා.

කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්, විද්වතුන් ඇතුළු විවිධ පාර්ශ්වලින් ලබාගත් අදහස් හා යෝජනා අනුව තමයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කෙටුම්පත අප සකස් කළේ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 12ක අලාභයක් ලබා තිබෙනවා. මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිතව වැසි ඇති වී තිබෙනවා. නමුත් විදුලිබල මණ්ඩලය තවමත් ලාභ ලබන තත්ත්වයට ඇවිත් නැහැ. දෙසැම්බර් මස වන විට විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ගණනය කිරීම තුළින් මෙහෙයුම් ලාභයක් ලැබුවහොත් අප්‍රේල් මාසයේදී ඒ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

එසේම විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව නැවත සබඳතා ලබා දීමේදී අය කරන ගාස්තුව සංශෝධනය කිරීමට ද අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. මේ අනුව දැනට තුන්දහසක්ව පවතින නැවත සබඳතා ලබාදීමේ ගාස්තුව රුපියල් 1000 – 2000 ක අතර ප්‍රමාණයකට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිපත්තිමය තීන්දු නොගැනීම සහ ගත් තීන්දු ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිකිරීමට සැලසුම් කර තිබූ බොහෝ බලාගාර රටට අහිමි වී තිබෙනවා. සාම්පූර් බලාගාරය ඉදිකිරීම සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබුණා. අනතුරුව 2016 වසරේදී සාම්පූර් බලාගාරය ඉදිනොකිරීමට තීරණය කළා.

සාම්පූර් බලාගාරය 2020 වසරේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට නියමිතව තිබුණා. මේ බලාගාරය ඉදිනොකිරීම නිසා රුපියල් බිලියන 95ක් වාර්ෂිකව රටට අහිමි වුණා.

මහා පරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘති 5ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් විදුලි උත්පාදන ව්‍යාපෘති 5ක් ඉදිකිරීම සඳහා වූ ගිවිසුම් මේ වසර අවසන් වීමට පෙර අදාළ සමාගම් සමඟ අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම, පූනරීන් ප්‍රදේශයේ ඉදිකරන සුළං බලාගාරය, සියඹලාණ්ඩුවේ ඉදිකිරීමට නියමිත සූර්ය පැනල මත බලාගාරය, හම්බන්තොට සූර්ය පැනල මත බලාගාරය, මඩකලපුව සහ පූනකරී ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත ව්‍යාපෘති සමඟ මෙලෙස ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43