නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (06) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද (06) සිට 09 වනදා දක්වා මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වෙනවා.

පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇතැයි සඳහන්.

අනතුරුව පස්වරු 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ පළකළ අතිවිශේෂ ගැසට් පත්‍රවල නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?