AFC Banner
AFC Banner
Empty Ad

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 9 වැනිදා

පාර්ලිමේන්තුව ලබන 9 වනදා සිට 12 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා.

පසුගිය දෙසැම්බර් මස 12 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත්තේ.

මේ අනුව 2024 ජනවාරි 09 වන අඟහරුවාදා පෙරවරු 09.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදය ගැනීමට නියමිතයි.

අනතුරුව ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතයි.

2024 ජනවාරි මස 10 වන බදාදා පෙරවරු 09.30 සිට 10.00 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04) සඳහායි වෙන් කර ඇත්තේ. ඉන්පසු පෙරවරු 10.00 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් 08 දින පවත්වා කල්තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත තිබෙනවා.

එසේම එදින සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම, සමථ මණ්ඩල (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සඳහායි කාලය වෙන් කර ඇත්තේ.

2024 ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 09.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාව විවාදය ගැනීමට නියමිතයි.

2024 ජනවාරි මස 12 වන සිකුරාදා පෙරවරු 09.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

මේ අනුව විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම (චමින්ද විජේසිරි), ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම (කෝකිලා ගුණවර්ධන), දේශීය සහල් වර්ගයන්හි පෝෂ්‍ය ගුණය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම (බුද්ධික පතිරණ ), වැවිලි තේ කර්මාන්ත ක්‍රමය වෙනුවට කුඩා තේ වතු ක්‍රමයක් ස්ථාපිත කිරීම (වේලු කුමාර්) සහ පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම (සාගර කාරියවසම්) යන පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ‍එදින ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සඳහා කාලය වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?