නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත්කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතා පත්කර තිබෙනවා.

මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර යැවීමත් සමඟ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය පුරප්පාඩුව පැවතියා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බලනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?