නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේදී නිකුත් කරන බවයි.
මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක්.
ඒ අතරින් නීතිමය ගැටලූ පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 06 ක් අක්‍රීය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කලා.
පසුගිය වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර අතරින් පක්ෂ 03 ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කලා.
ඒ තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතශීලී සන්ධානය යන දේශපාලන පක්ෂයි.














