නව නාවික හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඊයේ (02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා මුණගැසුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ දීයි.

මෙරට පත් වූ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් බානගොඩ පත් වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ පවත්වන ලද පළමු නිල හමුව මෙය වනවා.

මෙම හමුවේ දී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වයිස් අද්මිරාල් බානගොඩගේ පත්වීම පිළිබඳ ව සිය සුබපැතුම් පළ කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ නාවික හමුදාව සඳහා ප්‍රධාන ප්‍රමුඛතා කිහිපයක් පිළිබඳව ද අවධාරණය කළා.

මෙම ප්‍රමුඛතාවයන් පාලනයේ සහ වගවීමේ ඉහළම ප්‍රමිතීන්ට අනුගත වෙමින් මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගැනීම කෙරෙහි අවධානය මෙහිදී යොමු කෙරුණා.

සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සහාය දැක්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දැඩි කැපවීම මෙම හමුවේ දී අවධාරණය කරන ලද අතර, යහපාලනය, රාජ්‍ය මූල්‍ය වගකීම සහ නාවික හමුදාවේ සේවය කරන ලද සහ වර්තමාන සාමාජිකයින්ගේ සුබසාධන කටයුතුවල වැදගත්කම ද අවධාරණය කෙරුණු බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?