නව නාවික හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඊයේ (02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා මුණගැසුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ දීයි.

මෙරට පත් වූ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් බානගොඩ පත් වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ පවත්වන ලද පළමු නිල හමුව මෙය වනවා.

මෙම හමුවේ දී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වයිස් අද්මිරාල් බානගොඩගේ පත්වීම පිළිබඳ ව සිය සුබපැතුම් පළ කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ නාවික හමුදාව සඳහා ප්‍රධාන ප්‍රමුඛතා කිහිපයක් පිළිබඳව ද අවධාරණය කළා.

මෙම ප්‍රමුඛතාවයන් පාලනයේ සහ වගවීමේ ඉහළම ප්‍රමිතීන්ට අනුගත වෙමින් මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගැනීම කෙරෙහි අවධානය මෙහිදී යොමු කෙරුණා.

සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සහාය දැක්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දැඩි කැපවීම මෙම හමුවේ දී අවධාරණය කරන ලද අතර, යහපාලනය, රාජ්‍ය මූල්‍ය වගකීම සහ නාවික හමුදාවේ සේවය කරන ලද සහ වර්තමාන සාමාජිකයින්ගේ සුබසාධන කටයුතුවල වැදගත්කම ද අවධාරණය කෙරුණු බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03