නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබුණා.

භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම එම බලකායේ වගකීම වුණා.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන්  කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත්තේ.

භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගත කිරීම, එම භූ සම්පත් අයත්වන ආයතන හඳුනාගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබාගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක විය යුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය යෝජනා කර තිබෙනවා.

අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුයි.

කාර්ය සංග්‍රහයේ පරිච්ඡේදවල සඳහන් උපදෙස් අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව චක්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා.

අනවශ්‍ය ලෙස සේවාලාභීන් ආයතන කිහිපයකින් නිශ්කාශන ලබාගැනීම වැළැක්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත යුතුයි.

එමෙන්ම යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බව චක්‍රලේඛයෙන් අවධාරණය කරනවා.

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති නියමිත කාලසීමාව තුළ අදාළ නිශ්කාශන හෝ පරිසර සහතික ලබාදීමට පියවර ගත යුතු අතර
ඇතැම් විට දැනට පවතින රෙගුලාසි, ගැසට් නිවේදන, චක්‍රලේඛ සංශෝධනය කිරීමට ඉඩ ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අවශ්‍ය අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී ඇති බැවින් එවැනි සංශෝධන ඇත්නම් ඒවා නොපමාව සම්පූර්ණ කිරීමට අදාළ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් ක්‍රියා කළ යුතුයි.

කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර අදාළ සියලුම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගාස්තු අයකිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදුකරන අතර එම මුදල් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති අනුමත අය ශීර්ෂයක් වෙත බැර කළ යුතු වනවා.  

ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය මගින් නියම කර ඇති ගාස්තු හැර, මීට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ එකඟතාවයක් නොමැතිව වෙනත් ගාස්තු පැනවීම හෝ ගාස්තු සංශෝධනය  නොකළ යුතු බව චක්‍රලේඛයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

භූ සම්පත් කැණීම් කිරීමේදී පාරිසරික ගැටලු පැනනැගීමත් ඒ මත මහජන විරෝධතා මතුවීමත් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමේදී ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා පවතින බව ජනාධිපති කාර්ය සාධක බලකාය අධ්‍යයනය කර ඇති අතර නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් මහජන විරෝධතා කළමනාකරණය කිරීමටත් සියලුම ආයතන ඒකාබද්ධ ප්‍රයත්නයක නියැලිය යුතු අතර දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පිහිටවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැස්වී අවශ්‍ය තීරණ ගත යුතුයි.

අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ක්‍රමවේද සඳහා උපරිම සහයෝගයක් සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවලින් ලබාගැනීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් හා අධීක්ෂණයක් පරිසර අමාත්‍යාංශය සිදුකළ යුතු වනවා.

එහිදී යම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් අවශ්‍ය සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සැපයීමට ක්‍රියා කළ යුතු බවටයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී  ඇත්තේ.

1 1
2 1
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?