Empty Ad
AFC Banner
Empty Ad

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී තිබෙනවා.

ඒ කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී යි.

ආරක්‍ෂක ලේකම් විසින් ගුවන් හමුදාපතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක ලේකම්වරයා නව ගුවන් හමුදාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ඔහු වෙත සිය සුබ පැතුම් ද එක් කළා.

ආරක්‍ෂක ලේකම් සහ ගුවන් හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙම හමුවේදී සිදු කෙරුණා.

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ විශ්‍රාම යාමෙන් අනතුරුවයි එයාර් වයිස් මාර්ෂල් රාජපක්‍ෂ ජුනි මස 30 වනදා එයාර් මාර්ෂල් නිලයට උසස් කර 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?