නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී තිබෙනවා.

ඒ කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී යි.

ආරක්‍ෂක ලේකම් විසින් ගුවන් හමුදාපතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක ලේකම්වරයා නව ගුවන් හමුදාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ඔහු වෙත සිය සුබ පැතුම් ද එක් කළා.

ආරක්‍ෂක ලේකම් සහ ගුවන් හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙම හමුවේදී සිදු කෙරුණා.

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ විශ්‍රාම යාමෙන් අනතුරුවයි එයාර් වයිස් මාර්ෂල් රාජපක්‍ෂ ජුනි මස 30 වනදා එයාර් මාර්ෂල් නිලයට උසස් කර 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34