නව කොවිඩ් ප්‍රභේද ග්‍රීක අකුරින් නම් කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසත්, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙසත් නම්කර ඇති බව සඳහන් වේ.

වෛරස ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත්, වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

නව වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවට පත්නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?