නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා රට දඬුවමට ලක්වෙලා

අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිය රට දඬුවමට ලක්ව ඇතැයි ඔවුන් චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කලේ සිය රටට එරෙහිව විදෙස් රටවලින් පනවා ඇති සංචාරක තහනම හෙළා දකින බවයි.විද්‍යාවේ විශිෂ්ඨත්වය අගය කළ යුතු නමුත් ඒ ඔස්සේ රටවලට දඬුවම් නොකළ යුතු බවයි එම නිවේදනය මගින් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ලොව අනෙක් රටවලින් කොරෝනා නව වෛරස් ප්‍රභේදයන් සොයා ගත් අවස්ථාවන්වලදි ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් ජාත්‍යන්තර ප්‍රජාව සිය රටට ප්‍රතිචාර දක්වමින් සිටින බවට ද දකුණු අප්‍රිකාව චෝදනා නැගුවා. එසේම සිය රටට එරෙහිව සංචාරක තහනම් පනවා ඇත්තේ විද්‍යාත්මක හේතු මත පදනම්ව නොව දේශපාලන හේතු මත පදනම්ව පමණක් බවයි දකුණ අප්‍රිකාව චෝදනා නගමින් වැඩි දුරටත් සදහන් කර සිටියේ.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් රැසකින් වාර්තා වනවා. එම රටවල් අතරට, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා, හොංකොං හා ඊශ්‍රායලය යන රටවල් අයත්.

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිතයින් හමුවීමත් සමග විදේශිකයින් සඳහා රට වසා දැමීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේවනවිටත් අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57
Video thumbnail
යුද්ධය ගැන හිටපු ජනපති මහින්ද කිව්ව දේ..අපේ වරායන්වල ඉඩ දුන්නම කොහෙන් හරි කන්න වෙනවා
01:53
Video thumbnail
අමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..ඉරානය නෞකාවට ප#ර දීම හෙළා දකිනවා
01:30
Video thumbnail
ගුරුනගර්වල බෝටුවක් පෙ#ළීමෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..මෙන්න නවතම දර්ශන
01:27
Video thumbnail
"ජාත්‍යන්තර යුද තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි"..විපක්ෂයේ සෙට් එකට ටිල්වින්ගෙන් සැර සත්තමක්
09:13
Video thumbnail
සජිත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
13:17
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..දෙවෙනි නැවත් අපිට බෝලේ පාස් කළා..කෙ#නකන් කවුරුත් දන්නේ නෑ
03:50
Video thumbnail
හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට හේතු කියන අරුණ ජයසේකර
04:37
Video thumbnail
මිහින්තලේ හිමි ට්‍රම්ෆ්ගෙන් ගේම ඉල්ලයි? ඇයි බයද?අම්මා අප්පාගේ රටවල් නෙවෙයිනේ
04:34