නව කොරෝනා ප්‍රභේද අධි අවදානම් අවස්ථා මෙන්න

නව COVID ප්‍රභේද හා අධි අවදානම් අවස්ථා…

වෛරස වසංගත වල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වෙන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදුවන වෙනස්වීම්. වෛරස වල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම් නිසා වෛරසය බෝ වීමේ වේගය වැඩිවිය හැකියි. ඒ වගේම වෛරස ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම වැඩි වෙන්නත් පුළුවන්.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන COVID19 වෛරස අතරෙහි ද B.1.1.7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන තියෙනවා. වෙනදාට වඩා රෝගය වේගයෙන් පැතිර යාමට වගේම වඩා බරපතළ රෝග ලක්ෂණ ඇති වීමට හේතුව මෙය වෙන්න පුළුවන්.

කාලයක් ලොව පුරා සිදුකරන ලද අධ්‍යයන වලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. නව කොවිඩ් ප්‍රභේද වලටද මේ සාධක පොදුයි. ප්‍රභේදය කුමක් වුවත් ඔබට ආරක්ෂා වීමට කල යුත්තේ එම අවදානම් සාධක සහිත ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒවා මගහැරිමයි.
මේ කොවිඩ් අවදානම වැඩි කරන සාධක මොනවාද ?

1. අධික සෙනගක් රැදෙන ස්ථානයක් වීම – යම් ස්ථානයක ගැවසෙන සෙනග වැඩි වීමත් සමගම COVID ආසාදිත පුද්ගලයෙකු හිඳීමේ සම්භාවිතාව වැඩිවෙනවා, කොවිඩ් පැතිරීමේ අවදානම අධික ලෙස වැඩිවෙනවා.

2. සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථාන වීම – විශේෂයෙන්ම එකිනෙකා ආසන්නයේ සිටිමින් කතා බහෙහි යෙදෙන හා අහාර පාන ලබා ගන්නා අවස්ථා.

3. හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම – සංවෘත අවකාශ තුළදි කොවිඩ් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය එළිමහන් අවකාශවලට සාපේක්ෂව පැහැදිලිවම වැඩි බවක් දක්නට ලැබෙනවා. නිතර කතාබහට ලක් නොවුනත් මෙය කොවිඩ් ව්‍යාප්තියට බලපාන තවත් ඉතාමත්ම ප්‍රබල සාධකයක්. ඔබ සිටින ස්ථානයක ඉහත සාධක තුනෙන් එකක් හෝ පවතී නම් එහි COVID පැතිරයාමේ ප්‍රවනතාවය අන් ස්ථානවලට සාපේක්ෂව වැඩියි. යම් ස්ථානයක මෙම සාධක එකකට වඩා පවතීනම්, එවන් ස්ථානවල COVID ව්‍යාප්තිය ඊටත් වඩා සීඝ්‍රයෙන් සිදුවිය හැකියි.

එනිසා මෙවැනි ස්ථාන හැකිතාක් දුරට මඟහැරිය යුතුයි. යම් අත්‍යවශ්‍ය හේතුවකට එවැනි ස්ථානයකට යාමට සිදුවුවහොත්, එතැන ගත කරනා කාලය හැකිතාක් දුරට අවම කරගැනීම මගින් අවදානම යම්තාක් දුරකට අඩු කරගන්න පුලුවන්. විශේෂයෙන්, මේ වගේ අධි අවදානම් කාලයක, මේ සාධක වලින් එකක් හෝ ඇති ස්ථාන හැකිතාක් මග හැරිය යුතු වෙනවා.

ඒ වගේම, දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම හා නියමිත ආකාරයෙන් මුව ආවරණ පැලදීම මඟින් COVID සම්ප්‍රේෂණ අවදානම බොහෝ දුරකට අඩුකර ගත හැකියි.

කොවිඩ් රෝගය රට පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මේ අවස්ථාවේ ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව උදෙසා ඉහත අවදානම් සාධක සහිත ස්ථාන හැකි සෑම විටම මග හැරීමට වග බලා ගන්න.

ඒ වගේම, ඔබගේ හිතවතුන්ගේ ආරක්ෂාව උදෙසා අවදානම් සාධක පිළිබඳව දැනුම හැකිතාක් බෙදා හරින්න…

– සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09