නව අයවැයෙන් ඔන්න ප්‍රතිපාදන දුන්නා.දැන් දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්න.

නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ 2023. 12. 19 දින අරලියගහ මන්දරයේදී පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේය.

2024 වර්ෂයේදී පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය, ධීවර, පුනර්ජනණීය බල ශක්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බව අගමැති මාධ්‍ය අංශය පවසනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාවත පැහැදිලි ලෙස නව අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සම සභාපතිවරුන් ලෙස දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?