නව අධ්‍යාපන මොඩියුල ගැන විශේෂ තීරණයක් – ඉන්ටර්නෙට් නැති පාසල් 1873ට මාර්තුවේ ඉන්ටර්නෙට්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත 01 සහ 06 ශ්‍රේණි සඳහා යොදාගත යුතු මොඩියුල 106ක් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ, අනුව දෙවන සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේ දී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය නියම කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි ඇය පාර්ලිමේන්තුවේ දී අද (09) දිනයේ අදහස් දක්වමින් පැවසුවේ.

දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි හා අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර, රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේ දී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදුකර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව එය ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඇය පැවසුවේ.

මේ අතර එක සහ හය ශ්‍රේණි සඳහා වූ නව මොඩියුල යටතේ ඉගැන්වීම් කිරීමේ දී අන්තර්ජාල භාවිතය අත්‍යවශ්‍ය නොවන අතර, එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා.

මෙම නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවයි පැවසුවේ.

මේ අතර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 09ක් වෙත රුපියල් මිලියන 1600ක් වෙන්කරමින් සුහුරු පුවරු හෝ පරිගණක යන්ත්‍ර ලබාදීමට කටයුතු කරමින් පවතින බවයි ඇය සඳහන් කළේ.

ඒ, අනුව පාසල් 2498ක් සඳහා සුහුරු පුවරු එළඹෙන පෙබරවාරි මාසට වනවිට එම පාසල් වෙත බෙදාදීමට නියමිත බවත් ඇය පවසා සිටියා.

ඊට අමතරව දැනට කිසිඳු අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් 1873 සදහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට සාකච්ඡා අරඹා ඇති බවත් එළඹෙන, මාර්තු මාසය වනවිට කුමන හෝ අන්තර්ජාල පහසුකමක් ලබාදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?