නවසීලන්තයේ නව අගමැති දිවුරුම්දීම එළඹෙන බදාදා

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් තේරීපත්ව ඇති බව වාර්තා වනවා.

ඒ, සඳහා පාලක කම්කරු පක්ෂයේ ව්‍යවස්ථාදායකයන්ගේ ඒකමතික සහයෝගය හිමි වූ බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

ඒ අනුව 44 හැවිරිදි වියේ පසුවන හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්වනු ඇති.

ක්‍රිස් හිප්කින්ස් එළෙඹෙන බදාදා ඔහුගේ නව භූමිකාව සඳහා නිල වශයෙන් දිවුරුම් දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් තමන් එම තනතුරෙන් ඉවත්වන බව දැනුම්දීමෙන් පසු වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් එරට අගමැති තනතුර සඳහා ඉදිරිපත් වුණා.

“මෙය මගේ ජීවිතයේ ලොකුම වරප්‍රසාදය සහ ලොකුම වගකීමයි” හිප්කින්ස් සිය පත්වීම නිවේදනය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !