AFC Banner
AFC Banner
Empty Ad

නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු 20යි 20 තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

ඔක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබාගත්තා.

මෙම තරගයේදී තම 13 වන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත් වූ අතර ඔහු එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්. එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඊට ඇතුලත්.

කුසල් පෙරේරා අද යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ මාස 16කට පසුව වීම විශේෂත්වයක්.

ඔහු නොදැවී ලකුණු 53ක් රැස් කළා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තවත් සුපිරි ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 41ක් තුළ ලකුණු 67ක් රැස්කරගෙන සිටිය දී හෙන්ඩ්‍රි සිලිප්ලිගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුල්ල ලෙස දැවීගියා.

ඔහුගේ ලකුණු 67ට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුණා. චරිත් අසලංක අද ලබාගත්තේ ඔහුගේ 4 වන T20 අර්ධ ශතකයයි.

හයේ පහර 2ක් ද සමගින් පන්දු 11ක් තුල වනිඳු හසරංග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 15යි. නායක දසුන් ශානක එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?