නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු 20යි 20 තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

ඔක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබාගත්තා.

මෙම තරගයේදී තම 13 වන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත් වූ අතර ඔහු එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්. එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඊට ඇතුලත්.

කුසල් පෙරේරා අද යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ මාස 16කට පසුව වීම විශේෂත්වයක්.

ඔහු නොදැවී ලකුණු 53ක් රැස් කළා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තවත් සුපිරි ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 41ක් තුළ ලකුණු 67ක් රැස්කරගෙන සිටිය දී හෙන්ඩ්‍රි සිලිප්ලිගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුල්ල ලෙස දැවීගියා.

ඔහුගේ ලකුණු 67ට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුණා. චරිත් අසලංක අද ලබාගත්තේ ඔහුගේ 4 වන T20 අර්ධ ශතකයයි.

හයේ පහර 2ක් ද සමගින් පන්දු 11ක් තුල වනිඳු හසරංග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 15යි. නායක දසුන් ශානක එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01