නවතම වාහන මිල ගණන් මෙන්න! ලක්ෂ 12ට කාර් එකක්

වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමත් සමග මිල අනිසි ලෙස දවසින් දවස ඉහල යන බවත් නමුත් මිල ඉහල ගියද ජනතාවගේ ඉල්ලුම වැඩිවී ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චි මහතා පැවසීය.

මේවන විට කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් ඉහල ගොස් ඇති බවත් ලොකු ජීප් රථයක මිල ලක්ෂ 70ත් 100ත් අතර ප්‍රමාණයකින් මිල ඉහල ගොස් ඇති බවත් ඉන්දික සම්පත් මහතා පෙන්වා දෙයි.

එහිදී ජනතාවට අඩු මුදලකට වාහනයක් ලබා ගැනීමේ අවස්ථාවක් ඇති කිරීමට වැඩපිළිවෙලක් රජයට යෝජනා කර තිබේද යන්න ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඉන්දික සම්පත් මහතා පැවසූවේ වසර 5ක් භාවිතා කළ ටොයොටා විට්ස් වර්ගයේ ජපන් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 5කට මිලදී ගත හැකි බවත් දැනට 1000cc ධාරිතාවේ වාහන සඳහා මෙරට බදු මුදල ලක්ෂ 20ක් බවත්ය.

වසර 5ක් භාවිතා කළ ඇක්වා වර්ගයේ මෝටර් රථයක් ගෙන්වීමේදී බැටරිය හොඳ මට්ටමේ තිබෙන බවට සහතිකයක් ලබා දිය යුතු බවට නීතියක් ගෙන ආ හැකි බවත් ඒ අනුව සාමන්‍යයෙන් ලක්ෂ 7ක් 8ක් අතර මුදලකට එවැනි මෝටර් රථ ලංකාවට ගෙන ආ හැකි බවත් දැනට මෙරට බදු මුදල සියයට 47ක් බැවින් එය සියයට 30 අඩු කළ පසු අඩු මුදලකට මෝටර් රථයක් ලබා දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉතා සුළු මුදලකට වාහන ගෙන්විය හැකි බවත් ඊට රජය ඇහුම්කන් දීම අඩු මට්ටමක තිබෙන බවත් පෙන්වා දෙන ඒ මහතා රථයක් රුපියල් ලක්ෂ 22ත් 23ත් අතර තිබූ ජපන් ඇල්ටෝ සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක මිල මේවනවිට ලක්ෂ 34ක් වී ඇති බවත් කියා සිටියේය.

ඉදිරියේදී අඩු මුදලට බජට් වාහනයක් ලෙස ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් මෙරටට ගෙන්වා දිය හැකි බවත් නැනෝ වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 12කට හෝ 15කට මිලකට ගෙන ආ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

අලුත් විකල්පයක්

අලුත් විකල්ප ඇති බවත් ඊට අවස්ථාවක් ලබා දිය යුතු බවත් සාධාරණ මිලකට කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් කොවිඩ්19 වසංගත තත්වය හමුවේ රජය වාහන ආනයන තහනම පනවා අවුරුද්දකට වැඩි කාලයක් ගතවී තිබේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කර ඇත්තේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමටයි.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමුකරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වාදී ඇත.

ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවැති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
4
+1
0
+1
73
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?