නවගමුව – කොරතොට වෙඩි තැබීමේ තොරතුරු එළියට – අවුරුදු 20ක අයෙක් මරුට

ඊයේ (01) රාත්‍රී කාලයේ නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබුණා.

යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි නවගමුව පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 20ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, අපරධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිථලයක් බවයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?