නරක කාලයක් එනවා මැණිකේ

මෙරට ආර්ථිකය පිරිහිමත් සමග ශ්‍රි ලාංකිකයන් හැමෝම ගෙවන්නේ මහත් අපහසු කාලයක්. ඒ අපහසුතා නිසාම අප හැමෝම අසිරු අඩියක පසුවෙනවා. ඉතිං ජනප්‍රිය ගායක මදුමාධව අරවින්ද සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබුණා.පසුගිය මැතිවරණය උදෙසා ඔහු නිබඳව කටයුතු කලා.

බඩ ගින්නට හොරකම් කලොත් කොහොම හරි බේරෙන්න…..
හැන්ගෙන්න තැනක් නැත්තම් මා ලගට එන්න…
මට පුලුවන් හංගන්න….
මෙම සමය ඔබ විසින් නිර්මානය කරන ලද්දක් නොවුනට…
අපි ඔක්කම එහි ගොදුරු……
ඉදිරි වසර…..
ලස්සන සුරංගනා කතාවක් නෙවෙයි…..
මහා නරක හුලගක් දැනෙනවා….
ඒ හුලග කියාදෙනවා….
මේ යුගය…
පොලොවෙ පයගහල ජීවත් විය යුතුම කාලයක්…
උදේ ඉදන් රෑ වෙනකම් අපි මොකාට බැන බැන ලේ කෝප කර ගත්තත්…..
ඔබේ බඩ ගින්න
ඔබේ ගෙදර සහ ලගම ඈයන්ගෙ බඩ ගින්න නිවා ගත්තේ ඔබේ දහඩිය මහන්සිය…..
අපි පොඩ්ඩක් නවතිමු…..
තව තව කයිවාරු රට හැදිලි බොරු හටන් මොන පක්ශෙ මොකා එක්කත් කරන්නකලින්…
බලන්න ….. ඔබේ ගෙදර වටේම අනතුරු……
නරකම මොහොතෙත් ජීවිතේ දිහා ආදරනීයව බලන්න නම් අපි කරන දේ
අපි නොකරන දේ
අපි අල්ල ගත්ත දේ
අපිඅත හැරිය දේ
අපි හරියටම දැන ගත යුතුයි…..
ප්‍රවෘත්ති වල මන් දැක්ක … එක මහත්තයෙක්, ආදරනීය අප්පච්චියෙක්, තාත්තෙක්, කාගෙ හරි පුතෙක් මගෙ රටේ,
බයිසිකලයක් උඩ ඉදන් ඈත බලා ගෙන කියනව මෙහෙම…
“මොනව කරන්නද..
පුලුවන් විදිහට ජීවත් වෙනව…
නැත්තම් හොරකම් කරල හරි ලමයිට කන්න දෙනව කියල…….”
ඒ දිය උනේ ආඩම්බර තාත්තෙක්ගෙ සාදාරන කදුලු…..
කාටවත් බැරිකම් නොකීව අප්පච්චියෙක් ලෝකෙටම ඇහෙන්න කිව්ව සාදාරන අදෝනාව…
මට ඒකව බදා ගන්න හිතුනා….. මොකද මට දැනුන ඒ පපුවෙ තිබ්බ බර….
ඒ මහත්තයගෙ ඇස් වල අග්ගිස්සෙ කෑ හහල අඩන්න ලෑස්තියෙන් ඉන්න අතපය බැදපු කදුලු බිංදුවක් කැ කෑරුනා…..
ඒ කදුලු බිංදුවෙ තිබ්බෙ මේ රටේ තාත්තලගේ විලාපය, අප්පච්චිල පැරදිල…..
වීරය පන අදිනව….
ආඩම්බර තාත්තල දරුවො නෝන අම්ම තාත්ත දිහා බලාන හූල්ලනව….
උන්ට උන්ගෙ බඩවල්
උන්ගෙ නෝනලට උන්ගෙ බඩවල් පිටට ඇලුනත් දරා ගන්න පුලුවන් ඇති….
තමන්ගෙ දරුවගෙ බඩ ගින්න අම්ම අප්පගෙ බඩ ගින්න කොහොමද ඒ මිනිස්සු දරා ගන්නේ….
කොච්චර බර පතල කතාවක්ද ඒ …
කවදාවත් ප්‍රවෘත්ති වල කියන්න හිටිය දෙයක් ද ඒ ආදරනීය මිනිහා……
ඒ කතාව ඇහුනනම් ඒ මහත්තයගෙ අම්මට.. කෑගහල අඩයි.. උබව දහ දුක් විදල හදල, එක රුපියලක් හොරකම් නොකරපු මගෙ රත්තරන් පුතා…
අනෙ මගෙ පැටියෝ
ප්‍රවෘත්ති වලට ඇවිත් ලෝකෙටම ඇහෙන්න එහෙම කියන්න කවුද පුතේ උබට මෙහෙම කරේ….
ඒ අම්ම , තාත්තා කෑ ගහල අඩයි….
උබ වැරදියි කියල නෙවෙයි බයිසිකලේ හිටිය ආදරනීය මහත්තයො,
කවුද උබව මෙතනට දැම්මේ හිතල කෑ ගහල අඩයි…
ඒ කතාව අහන් හිටිය එයාගෙ නෝනට , අනේ මගෙ රත්තරන් උබ නේද මගෙ වීරයා , ඇයි උබට මෙහෙම කලේ කියල හිතෙන්න ඇති….
ඒක දැක්කනම් ඒ තාත්තගෙ දෝනි හෝ පුතා ඒ දරුවො බයට හූල්ලන්න ඇති ගෙදර මුල්ලකට වෙලා….
මගේ තාත්තව පරද්දල කියල බය වෙන්න ඇති…
මොකෙක්ටවත් බය උනේ නැති තාත්තල අම්මලගෙ ඇස් ගෙඩි අස්සෙ කලබල කරන කදුල කොයි වෙලේක හරි පුපුරයි…..
උන්ගෙ පපු පැලුන් නැත්තම් උන් ඕනෙම දෙයක් කරයි… ගෙදර බඩ ගින්නට…..
තාත්තල අම්මල ගෙවල් වල රජ වරි, රැජිනන්, වීරයො,
උන්ගෙ ගෙදර රජාව මහපාරෙ එහෙම කියන තත්වෙට දැම්ම එවුන්ට හෙන ඉල්ලන එක පැත්තකින් තියල…..
එන්න මගෙ රත්තරං තාත්තේ….
අපි තියෙන විදිහටකමු…
අපිටඅවුරුද්දට අලුත් ඇදුම් එපා…
මයෙ තාත්තා ගෙදර එන්න….
මගෙ මහත්තයො මට අලුත් ගවුමක් එපා මගෙ පන ගෙදර එන්න….
උබ එක්ක අපි තරහ නෑ…. අපේ රජා උබම තමා..
උබ පාරක් පාරක් ගානෙ ඇස් වල කදුලු පුරවන් ඉන්නකොට අපිට හුස්ම වැටෙන්නෑ….
උබ ඔහොම පැය ගනන් පාරවල් වල හිගන්න ඕනෙ මිනිහෙක් නෙවෙයි….
උබ කාටවත් බය නෑ…
ඒත් උබ බය වෙලා…
අපි නිසා තාත්තල බය වෙලා
අම්මල බයවෙලා…
උබ අපේ බඩගින්න නැති කරන්න…
උබව නැතිකරගන්න එපා මගෙ රත්තරන් මහත්තයො….
ගෙදර එන්න….මගෙ පන….
උබ අපේ ආඩම්බරය..
උබයි මගෙ දරුවන්ගෙ තාත්තා….
අපි උබේ හිත රිද්දන් නෑ….
අපි තුරුල් වෙලා තියෙන අලයක් තම්බන් කාල හිනා වෙමු….
උබ මගේ රජ්ජුරුවො
මගෙ මහත්තයා
මගෙ වීරයා
උබ කාගෙන්වත් අබ ඇටයක් හොරකන් නොකරපු අපේ ගෙදර බුදු පහන, අපේ බර කරට ගත්ත අල්තාරේ,
අපේ දම්ම පදය උබ
අපේ සුබ ආරංචිය උබ
අපේ මක්කම උබ
කකුල් දෙක අල්ලල වදින්නම්….
මගෙ පන ඔයා කවදාවත් අපි වෙනුවෙන් හොරකම් කරන්න එපා….
අපි හොරෙන් ජීවත් වෙමු….
අපි බැරිකම් වහන් ජීවත් වෙමු….
අපි රුපියලක කාල සීයකින් හිනා වෙමු
අපි සීයයකින් ඇදල දාහකින් සතුටු වෙමු
අපි දාහකින් අඩලා….
ලක්ශෙකින් හිනා වෙමු….
අපි ලක්ශෙකින් තනිවෙලා
කෝටියකින් එකටතුරුලුවෙලා
අපිව අපි දරා ගමු……..
හෙට දවසේ බැරිකමට හොරෙක් වෙන්න ලෑස්ති තාත්තල හැම ගමකම හැම නගරෙකම හැම වීදියකම, හැම පෝලිමකම අමාරුවෙන් හුස්ම ගන්නව ඇති……
මේ යන විදිහට මුලින්ම හෝ අගින් අපිටත් කවරදාක හෝ ඒ පෝලිමට යන්න විය හැක….
එතනට එනකම්
කකුලුවො දිය රත් වෙන කම් දගලන්නා සේ…
අපිට තවම එච්චර අමාරු නෑ
අපේ බැංකුවෙ මෙච්චරක් හරි තියෙනව කියල හිතන්න නරක යුගයක් මේ….
බැංකු වැහුනොත්, කාඩ් අක්‍රිය උනොත්, උගස් කඩ වැහුනොත්, කඩ වැහුනොත්, එදාටද අපි හැරිල බලන්න ඕනෙ….
ඔබ එහෙම වෙන දා ඒ ගැන කියන්න අන්තර්ජාලයට එනකොට….
අන්තර්ජාලයත් නැතිව තිබුනොත්….
කාට කියන්නද…..
අන්න ඒ නරකම දවස ඔලුවට අරන්…
පුලු පුලුවන් උදව් බැරි අයට කරමු..
ඒ වගේම අනවශ්‍ය යැයි හැගෙන කිසිවක් නොකර ඉමු…..
අපිත් දැන්ම පටන් ගමු……
ඔබ අඩු කර යුත්තේ , සීමා කල යුත්තේ, මගහැරිය යුත්තේ කුමක්දැයි මා දන් නෑ….
අපි සීමා කල යුතු තැන අපි තරම් වෙන කිසිත් දන් නෑ……
අපි ඉන්න තැන හරියට බලන්න.
තව අවුරුදු දෙකක් මෙහෙම දුවන්න පුලුවන්ද බලන්න…
ඉතිං ඉදගෙන කතා කරන්න….
අද හොරු මංකොල්ල කාරයො වෙලා ඉන්න මහ එවුන් සහ උන්ගෙ අසූචි බුදින පොඩි හොරුන් පක්ශ පාට බේදයක් නැතිව දකින්න….
අදුන ගෙන අත හැරල දාන්න…. මොන පක්ශෙ මින පාටින් හිටියත්…
උන්ට එහෙම කලෙත්… උන්ගෙ ගෙවල් වල ඉන්න චොල්ල ගැනු,
කාලකන්නි ලමයි..
නූගත් නෑයො සහ ඇසුරු කල අවස්තාවාදී යාලු වේශයෙන් ඉන්න හිගන්නො….
මිනිහෙක්ව හොරෙක් මංකොල්ල කාරයෙක්, රටේ දේවල් හූරගෙන කන්නෙක්, බවත පත් කලේ
උන්ගෙ ගෙවල්වලින් ආපු අන….
උන්ගෙ ගෑනුන්ගෙ ලමයිගෙ නෑයන්ගෙ මිතුරන්ගෙ විදාන…….
අපි එහෙම නොවුන උන් …
ඔබ එහෙම නොවුන එකෙක් නැත්තම් එකියක්…
අපි මේ එන නරකම කාලයේ කෙලවරදිත් ආදරනීයව හිනා වෙන්න නම්….
අපි ඉන්න තැන හරියට සටහන් කරගමු….
කතාව කොච්චර දිගද දන් නෑ…..
නුබට හති වැටෙන්න එපා
නුබට බඩ ගිනි දැනෙන්න එපා
නුබෙ උන් ගෙ බඩවල් වලින් එන පුරු පුරු සද්ද එන්න එපා…
අම්ම අප්පගෙ අසනීපෙකට අරන් දෙන්න බැරි බෙහෙත් පෙති නුබට තියෙන්න එපා….
මේ නරකම කාලය ඉවර වෙනදාත්…..
අපේ රැහේ එකෙක්වත්…..
හොරෙක් , මන්කොල්ල කාරයෙක් වෙලා ඉන්න එපා…..
ආදරනීය හිතවත…. නුබට එහෙම වෙලා තිබ්නොත්……
අපි උබ එක්ක තරහ නෑ……
මේ ඔබ විසින් ඇතිකල තත්වයක් නෙවෙයි….
බනිස් ගෙඩියක් අරන් බඩ ගින්නට දුවපු ජනවර්ජනව ටූලෝන් හිර ගෙදර වසර පහලොවක් අච්චු කලා මනුතාපය පොතේ….
පාට පාට හොරුන් රැකියාව හැටියට හොරකම කරන රටක ඔබ බඩ ගින්නට හොරකම් කලොත් උන්ට අහුවෙන්න එපා…
බඩගින්නට හොරකමක් කලොත්…..
කොහොම හරි බේරෙන්න…..
හැංගෙන්න තැනක් නැති උනොත්…
මගෙ ලගට එන්න….
මන් හංගනවා මොකෙක්ටවත් හොයා ගන්න බැරි වෙන්න….
එහෙනම් ….
වසන්ත කාලය එනකොට හුස්ම තිබුනොත්…
අපි තීරනය කරමු….
කෑ ගහල හිනා වෙනවද
කෑ ගහල අඩනවද කියලා….
මදු මාදව අරවින්ද

මදුමාදව
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10