AFC Banner
AFC Banner
Empty Ad

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 64ක් ජීවිතක්ෂයට

වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ, ගුම්මි පළාතේ ගඟක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් ඊයේ (04) ප්‍රකාශකර තිබෙනවා.

තම ගොවිබිම් වෙත ළඟාවීම සඳහා ගොවීන් 70ක් රැගත් ලී ඔරුවක් මෙලෙස පෙරලීගොස් තිබුණා.

පුද්ගලයින් 06 දෙනෙකුගේ පමණක් දිවි ගලවා ගැනීමට හැකි වී ඇති අතර පැය තුනක පමණ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කෙරූ බවයි එරට බලධාරීන් පවසන්නේ.

විදෙස් මාධ්‍ය දක්වන පරිදි ගුම්මි පළාතේ මෙවැනි සිදුවීමක් සිදු වී ඇති දෙවැනි අවස්ථාව මෙයයි.

එම පළාතේ ගොවීන් 900ක් පමණ පිරිසක් තම ගොවිබිම් වෙත ළඟාවීම සඳහා දෛනිකව ගඟ හරහා තරණය කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?