නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 64ක් ජීවිතක්ෂයට

වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ, ගුම්මි පළාතේ ගඟක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් ඊයේ (04) ප්‍රකාශකර තිබෙනවා.

තම ගොවිබිම් වෙත ළඟාවීම සඳහා ගොවීන් 70ක් රැගත් ලී ඔරුවක් මෙලෙස පෙරලීගොස් තිබුණා.

පුද්ගලයින් 06 දෙනෙකුගේ පමණක් දිවි ගලවා ගැනීමට හැකි වී ඇති අතර පැය තුනක පමණ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කෙරූ බවයි එරට බලධාරීන් පවසන්නේ.

විදෙස් මාධ්‍ය දක්වන පරිදි ගුම්මි පළාතේ මෙවැනි සිදුවීමක් සිදු වී ඇති දෙවැනි අවස්ථාව මෙයයි.

එම පළාතේ ගොවීන් 900ක් පමණ පිරිසක් තම ගොවිබිම් වෙත ළඟාවීම සඳහා දෛනිකව ගඟ හරහා තරණය කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55