නතාශාට උදව් කළ අයෙක් අත්අඩංගුවට

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ නතාශා එදිරිසූරිය නැමති කාන්තාවට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් බෲනෝ දිවාකර නම් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් මෙම පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාර කිරීමට අනුබල ලබාදී ඇති බවටයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

බෲනෝ දිවාකර නම් පුද්ගලයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

37 හැවිරිදි සැකකරු පල්ලිය පාර මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
31
+1
1
+1
3
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?