විදෙස් කතක් හා ඇයගේ සිව් හැවිරිදි පොඩිත්තියටත් නත්තල වෙනුවෙන් අද ජනපතිගෙන් සමාව (වීඩියෝ)

අද (25) දිනට යෙදුණු නත්තල් සැමරීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියට අනුකූල ව හිමි ව ඇති බලතල ප්‍රකාර ව විවිධ වැරදිවලට සම්බන්ධ සිරකරුවන් 389 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ; එම පිරිස අද මධ්‍යාහ්න 12 වන විට සිර මැදිරිවලින් පූර්ණ පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය මත නිදහස් කෙරුණු බවයි.

ඒ අනුව දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් ද ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අප වෙත වාර්තා කර තිබුණ.

අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි පිරිසක් ද මෙලෙස් මුදා හැරුණා.

කළුතර බන්ධනාගාරයෙන් ද රැඳවියන් 16 දෙනෙකු මුදා හැරුණු අතර එම රැඳවියන් අතර එක් විදේශීය කාන්තාවක් සහ ඇයගේ සිව් හැවිරිදි දියණිය ද සිටින බවත් වාර්තා වනවා.

මල්වත්ත බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර ඩෙප් මහතා පැවසුවේ එම විදේශීය කාන්තාව රුසියානු කාන්තාවක් බවයි.

විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් නියම කර සිට ඇති අතර ඇයට පොදු සමාව යටතේ නිදහස් වීමට අද දිනයේ දී අවස්ථාව හිමි වුණා.

මෙම රුසියානු කාන්තාව සහ ඇයගේ දියණිය ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ ද අද දිනයේ දී රැඳවියන් 35 දෙනෙකුට ජනපති සමාව හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?