නත්තල් සැමරුම් පෙළපාලියකට වාහනයක් කඩා වදියි : 05ක් ජිවිතක්ෂයට

අමෙරිකාවේ, විස්කොන්සින් ප්‍රාන්තයේ පිහිටි නගරයක පැවැත්වෙමින් තිබු වාර්ෂික නත්තල් සැමරුම් පෙළපාලියකට කඩා වැදුණු මෝටර් රථයක් එහි සිටි පිරිස් යටකර ගෙන ධාවනය වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලබා ඇති පිරිස අතර දරුවන් 12 දෙනෙකුද සිටින බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා කර සිටියේ.

රතු පැහැති ෆෝඩ් වර්ගයේ කැබ් රථයක් මෙලෙස සැමරුම් පෙළපාලියට කඩා වැදී තිබු අතර එහි සිටි රියැදුරු මේවන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් බවට සැලකීම ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවයි විස්කොන්සින් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?